යුද්ධයක සුළඟක්වත් වැදී නොමැති ඔස්ට්‍රේලියාවේ ISIS නමැති සාමකාමී ගම්මානයක් එම ගම්මානයේ නම වෙනස් නොකරන බව අවධාරණය කර තිබේ.
6,000ක පමණ පිරිසක් ජීවත් වන මෙම ISIS ගම්මානය සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍යයේ නමින් හැඳින්වීම තුළ එම නම වෙනස් කළ යුතු බවට මත පළ වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම ගම්මානයේ ජීවත්වන පිරිස් පවසන්නේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති තම ගම්මානයේ නම කිසිලෙසකින්වත් වෙනස් නොකළ යුතු බවයි.
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ, ගොවි ජනතාව විසින් 1887 දී මෙම ISIS ගම්මානය පිහිටුවාගෙන ඇති අතර, ISIS ගංගාව මෙම ගමට එම නම ලැබීමට හේතු වී තිබේ.