ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ උපන් ගම වූ ටික්රිට් නගරය ඉස්ලාමීය රාජ්ය ත්රස්තයන්ගෙන් නැවත අත්පත් කරගැනීමේ මෙහෙයුමක් එරට රජයේ හමුදාවන් විසින් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
විවිධ ඉදිරි ආරක්ෂක වළලු යොදා ගනිමින් හමුදා කණ්ඩ මෙම ප්රහාර සිදුකරන අතර, ඊට ඉරාක ගුවන් හමුදාවේ සහායද හිමිවන බව පෙන්වා දෙයි.
මේ අතර, රජය පවසන්නේ මේ වනවිටත් තම හමුදා නගරය වෙත ක්රමයෙන් ඇදෙමින් සිටින බවයි. නමුත්, මෙම වාර්තා නිල වශයෙන් තවම තහවුරු වී නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ෂියා හමුදා අණදෙන නිලධාරියෙකු බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ ජෙනරාල් කාසිම් සොලෙයිමානි ද මෙම මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින බවයි.