ISIS එරෙහි ඔස්ට්‍රේලියානු ගුවන් ප්‍රහාර අවසන් කරයි
IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව ඉරාකය හා සිරියාව තුළ සිදුකළ ඔස්ට්‍රේලියානු ගුවන් ප්‍රහාර නිල වශයෙන් අවසන් කරන බව ඔස්ට්‍රේලියාව දැනුම් දෙයි.
මෙම තීරණයත් සමග ප්‍රහාර සඳහා යොදාගත් හොනට් ප්‍රහාරක යානා 6ක් යළි කැඳවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබුණත්, ඉරාකයේ ඉල්ලීම මත ඉන්ධන පිරවුම් යානා මෙන්ම, ඔත්තු බැලීමේ යානා තවදුරටත් එරට රැඳවීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාර සඳහා වසර දෙකකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියානු ප්‍රහාරක යානා සේවයේ යොදවා තිබුණි.
කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ඉරාකය තුළ ජයග්‍රහණය තහවුරු කළ බව පසුගියදා එරට අගමැතිවරයා නිවේදනය කළ අතර, සිරියාව තුළද මේ වනවිට ඉස්ලාම් රාජ්‍යයේ බලය සම්පූර්ණයෙන්ම පාහේ වියැකී ගොස් තිබීම ඔස්ට්‍රේලියාවේ මෙම තීරණයට හේතු වී ඇත.
නමුත්, මෙම තීරණය ගැනීමට පෙර මිත්‍ර පාර්ශ්වයේ රටවල් සමග සාකච්ඡා කිරීමටද ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ බලය මේ වනවිට ඔවුන්ගේ සිහින රාජ්‍යයෙන් ගිලිහී තිබුණත්, එම සංවිධානයේ අක්මුල් ලෝකයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ඇතැම් රටවල හුදකලා වෘක්කයන් ලෙස ක්‍රියාත්මක වීම තුළ එම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් අවසන් නොමැති බව සඳහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




