ගෙවීගිය පැය 24ක කාලය තුළ සිරියානු වැසියන් 15 දෙනෙකු ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඝාතනය කර ඇති බව බී.බී.සී.ය පවසයි.
මින් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, සෙසු අය කුරුසියේ ඇණ ගසා ඝාතනය කර ඇති බවද කියයි.
මේ අතර, ඉරාකයේ ඉස්ලාමීය අන්තවාදී පාලනයේ පවතින ප්‍රදේශයකදී ඉරාක වැසියන් දෙදෙනෙකු උස ගොඩනැගිල්ලකින් පහළට වීසි කිරීමෙන් ඝාතනය කරන ඡායාරූප කිහිපයක්ද පසුගියදා අන්තර්ජලය මුදාහැර තිබුණි.
ඉරාකයේ හා සිරියාවේ ප්‍රදේශ රැසක බලය පතුරුවන ඉස්ලාමීය අන්තවාදීන් සිය ඉස්ලාමීය රාජ්‍යය ඒ තුළ පිහිටුවා ඇති බව කියයි.