ඉරාකයේ සින්ජාර් නගරයේ විශාල කොටසක බලය ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්රහණයෙන් මුදාගැනීමට තම පෙෂ්මෙර්ගා බලකායට හැකිවූ බව කුර්දි බලධාරීහු පවසති.
ඉරාක කුර්දි නායක මොසූද් බර්සානි පවසා සිටියේ පෙෂ්මෙර්ගා බලකායේ විශාල පිරිසක් සින්ජාර් කඳුකරය දක්වා ඇදෙන බවයි.
සිරියානු දේශසීමා ආසන්න නගරයක් වන සින්ජාර් පසුගිය අගෝස්තු මාසයේදී ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්විය.
මෙම ප්රහාරයන් හිදී අමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාරවල සහායද ලැබී තිබේ.
ISIS ඉස්ලාමීය සටන්කාමීන් මේ වනවිට ඉරාකය හා සිරියාව මූලික කරගනිමින් තමන්ගේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කර ඇති බව පවසන අතර, මෙම ආක්‍රමණයට එරෙහිව ඇමෙරිකාව, යුරෝපය මෙන්ම මැදපෙරදිග කලාපයේ රාජ්‍යයන්ගේද සහාය ඇතිව ප්‍රතිප්‍රහාර මාලාවක් ඇරඹී තිබේ.