උතුරුදිග ඉරාකයේ වැඩි කොටසක බලය පතුරුවන ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදන් විසින් එරට සුළුතල ක්‍රිස්තියානි ජනතාව වෙසෙන ගම්මානයක් වෙත ප්‍රහාරයක් දියත් කරමින් කාන්තාවන් හා ළමයින්ද ඇතුළු පුද්ගලයන් 80ක් පමණ සමූල ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
කුර්දිස්ථාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හොෂ්යාර් සෙබාරි පවසා සිටියේ ඊයේ කවුජු නගරය වෙත පැමිණි ඉස්ලාමීය අන්තවාදීන් පිරිමින් පෝලිම් දෙකකට සිටුවා එකපිට එක වෙඩි තබමින් ඔවුන් සමූල ඝාතනය කළ බවයි.
කෙසේ වෙතත් අන්තවාදීන් පහරදීමට පැමිණි රථ දෙකක් පසුව ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් විනාශ කර තිබුණි.
මෙම ඉස්ලාමීය අන්තවාදීන් සෙසු ආගමිකයන් යක්ෂයන් ලෙස සලකමින් ක්‍රියාකිරීම විදෙස් රටවල අවධානය ඉරාකය වෙත ඇදීමට ප්‍රබල හෙතුවක් විය.
මේ අතර, ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සුන්නි ඉස්ලාමීය අන්වාදීන් වෙත සම්බාධක පැනවීමක්ද සිදුකර තිබේ.