උතුරුදිග ඉරාකයේ නගර රැසක් ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග 200,000ක පමණ ජනතාවක් තම නිවාස අතහැර පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
ඉස්ලාමීය රජ්‍යය හෙවත්, ISIS ත්රස්තයන් සිරියාව ආසන්නයේ වූ සින්ජාර් නගරයේ බලයද අත්පත් කරගෙන තිබේ.
පසුගිය ජූනි මාසයේ සිට මෙම ඉස්ලාමීය අන්තවාදී ත්රස්තයන් රජයේ හමුදාවන්ට එරෙහිව ප්‍රහාර දියත් කරමින්, උතුරුදිග ඉරාකයේ පිහිටි එරට දෙවැනි විශාලතම නගරය වූ මොසූල් ඇතුළු නගර රැසක බලය අල්ලාගෙන සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන පරිදි මෙම ගැටුම් හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට අවශ්‍ය මූලික ආහාර, ජලය හා බෙහෙත්වල දැඩි අවශ්‍යතාවක් පවතී.