IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරයේ වූ එළිමයන් රංග පීඨයේදී පුද්ගලයන් 25 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය රැගත් නවතම වීඩියෝවක් අන්තර්ජාලයට මුසු කර ඇති ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් මෙම ඓතිහාසික නගරය කෙලෙසීම ප්රසිද්ධ කර තිබේ.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඝාතකයන් අවුරුදු 13 - 14 ත් අතර වයසේ නව යොවුන් වියේ තරුණයන් බව සිරියානු හමුදා පවසයි.
පසුගිය මැයි මාසයේදී ඉස්ලාමීය රාජ්ය අන්වාදීන් ලෝක උරුමයක් වූ පැල්මයිරා නගරය හා ඒ ආසන්න ටඩ්මූර් නගරයේ බලයද අත්පත් කර ගත්හ.