ඇමෙරිකාව ප්රමුඛ සන්ධානයේ ප්‍රහාරක යානා ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ තෙල් පිරිපහදු මෙන්ම, අණදෙන මධ්‍යස්ථාන ඉලක්ක කරමින් අද (28දා) දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්ම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකානු අණදෙන මධ්‍යස්ථානය පෙන්වාදෙන පරිදි මෙම ප්‍රහාර සඳහා ඇමෙරිකානු, සෞදි අරාබියානු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රහාරක යානා සම්බන්ධ වී තිබේ.
මෙම පහරදීමවලදී තුර්කි දේශසීමාවට අසාන්න ටෙල් අබායද් තෙල් පිරිපහදුවේ දැවැන්ත පිපිරීම් ඇසුණු බවත්, ඒ සමගම රාත්‍රී අහස ආලෝකමත් වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මේ අතර, සිරියානු විරුද්ධ කණ්ඩායම් මෙම ඇමෙරිකානු ප්‍රහාර පිළිබඳ ඔවුන්ගේ විවේචන එල්ල කර තිබුණි.
විශේෂයෙන්ම අල්කයිඩා සම්බන්ධ අල්-නුස්රා සංවිධානය පවසා තිබුනේ මෙය ඉස්ලාමයට එරෙහිව කෙරෙන යුද්ධයක් බවයි.