ISIS ඉස්ලාමීය අන්තවාදීන් ලෙබනන් හමුදා සොල්දාදුවෙකු ගෙල සිඳ ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.
අබ්බාස් මෙඩ්ල්ජ් නමැති සොල්දාදුවා ඝාතනය කරන ඡායාරූප ඔවුන් සමාජජාල වෙබ් අඩවි තුළින් ප්රසිද්ධියට පත්කොට තිබේ.
ලෙබනන හමුදාව පවසන්නේ මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
පසුගිය අගෝස්තු මාසයේදී සිරියානු දේශසීමාව ආසන්නයේ වූ ආර්සල් නමැති ලෙබනන නගරය අන්තවාදීන් අත්පත් කරගැනීමෙන් පසුව මෙසේ ලෙබනන් හමුදාවේ පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.
එහිදී, ඇතැම් ලෙබනන් හමුදා සාමාජිකයන් ISIS අන්තවාදීන් යටතේ මෙන්ම තවත් පිරිසක් අල්-කයිඩා සම්බන්ධ නුස්රා පෙරමුණ යටතේ අත්අඩංගුවේ පසුවන බව කියැවෙයි.
ලෙබනනයේ සිරගතව සිටින තම සාමජිකයන් නිදහස් නොකිරීම හේතුවෙන් මෙසේ ලෙබනන් හමුදා සාමාජිකයන් මරා දමන බව ISIS අන්තවාදීන් පවසා තිබේ.