IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදය අත්හැර යන පිරිස වැඩිවෙමින් පවතින බවත්, ඔවුන් එසේ ඉවත්ව යෑම පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම අරඹා ඇති බවත් බ්‍රිතාන්‍ය නිකුත් කළ වාර්තාවකින් පැවසෙයි.
අන්තවාදී සංවිධානයෙන් එල්ලවිය හැකි මරණ තර්ජන හා සිය රාජ්‍යයන් තුළම සිරකරුවන් බවට පත්විය හැකිය යන බිය හේතුවෙන් සංවිධානය හැරයන ඇතමුන් සැඟවී ජීවත් වන බවට මූලිකව පැවසුණි.
කෙසේ වෙතත්, ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ පර්යේෂණයකට අනුව තමන් අන්තවාදී සංවිධානය හැරයෑම පිළිබඳව අදහස් දැක්වූ 58 දෙනෙකු පිළිබඳ තොරතුරු පවතින අතර, ඉන් තුනෙන් දෙකක්ම මෙම වසර තුළ සංවිධානය හැර ගියවුන් බව පැවසෙයි.