ISIS අගනගරය සිරියවේ රක්ඛා සම්පූර්ණ වටලයි
සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය IS ත්රස්තයන්ගේ අවසන් බල කඳවුර මෙන්ම, සිය මනංකල්පිත සිහින රාජ්‍යයේ අගනගරය ලෙස සැලකූ රක්ඛා නගරය සම්පූර්ණයෙන්ම වට කරමින් ත්රස්තයන් කොටුකර ඇති බව ඇමෙරිකානු හිතවාදී හමුදා පවසයි.
සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාව හෙවත්, කුර්දි හා අරාබි හමුදාවන්ගෙන් සැදුම්ලත් ඇමෙරිකානු හිතවාදී භට පිරිස් මේ වනවිට ත්රස්තයන්ට පැන යාමට ඇති නගරයේ දකුණු මායිම්ද සම්පූර්ණයෙන්ම අහුරා ඇති බව විදෙස් වාර්තා පවසයි.
2014 වසරේදී රක්ඛා නගරයේ බලය අත්පත් කරගත් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එම නගරය තම අගනගරය බවට ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත්, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම ඒකාබද්ධ හමුදා ක්‍රමයෙන් නගරය වෙත සිය මෙහෙයුම් ආරම්භ කළ අතර, පසුගිය ජූනි 06 වැනිදා නගරයේ බලය අත්පත් කරගැනීමේ ප්‍රධාන මෙහෙයුම ආරම්භ කරනු ලැබීය.
සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානවලට අනුව මේ වනවිට ත්රස්තයන්ට පැන යාමට හැකි සියලු මාර්ග ඇහිරී ඇත.
මෙම මෙහෙයුමේදී, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් භාවිත කරන ලද උමං මාර්ග රැසක් තමන් අනාවරණය කරගත් බවද මෙම හමුදා ආනාවරණය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සාමාන්‍ය වැසියන්ට වඩාත් වේදනාකාරී ප්‍රහාරයක් විය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

