IS මාධ්‍ය ප්‍රකාශක හා සිරියා නායක අල්-අද්නානි මරුට
සිරියාව තුළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා මෙන්ම, එම ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සැලකෙන අබු මොහොමඩ් අල්-අද්නානි ඇලෙප්පෝ හිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකු ලෙස සැලකෙන අල්-අද්නානි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇලෙප්පෝ නගරය යළි අත්පත් කරගැනීම සඳහා සිදුකෙරෙන මෙහෙයුම් වැළැක්වීමේ සැලසුම් සකස් කරමින් සිටියදී බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඔහු ගුවන් ප්‍රහාරයකින් මිය ගියේද, එසේ නැත්නම් ගොඩබිම් ප්‍රහාරයකින් මිය ගියේද යන්න පැහැදිලි නොමැති බවද කියැවෙයි.
ඇලෙප්පෝ නගරය මේ වනවිට දැවැන්ත යුධ පිටියක් බවට පරිවර්තනය වී ඇති අතර, රජයේ හමුදා, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙන්ම ප්‍රතිවිරුද්ධ සටන් කණ්ඩායම්ද මෙම ගැටුමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බවට පත්ව සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

