IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් මධ්‍යම සිරියාව වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් රුසියාව විසින් ප්‍රහාර එල්ල කිරීමට භාවිත කරන ගුවන් කඳවුරක්ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
චන්ද්‍රිකා ඡායාරූප ගෙනහැර දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරයෙන් එම ගුවන් කඳවුරේ පැවති රුසියානු හෙලිකොප්ටර් යානා ද විනාශ වී ඇති බව තහවුරු වන බවයි.
එහිදී, හෙලිකොප්ටර් යානා 4ක් සහ ලොරි රථ 20ක් මෙම ප්‍රහාරයෙන් විනාශ වී ඇති බව කියා සිටියත්, රුසියාව තම ගුවන් යානයක් හෝ හෙලිකොප්ටර් යානයක් විනාශ නොවූ බව අවධාරණය කර සිටියි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් බස් නැවතුම් පොළක්ද ඉලක්ක කරමින් සිදුකළ මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ඒකාබද්ධව ප්‍රහාර එල්ල කළ යුතු බව බටහිර රාජ්‍යයන් කියා සිටියත්, මෙම පුවත වාර්තා කිරීමේදී බටහිර ගැති මාධ්‍ය රුසියානු යානා විනාශය ගැන සතුටු වන බවක්ද පෙනෙන්නට තිබේ.