IS ඉස්ලාම් රාජ්‍යයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල්-බග්දාදි ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරයකින් මිය ගියේ යැයි පැවසෙන පුවත තවමත් සනාථ කර නොමැත.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති පෙන්ටගනයද පවසා ඇත්තේ මෙවැනි පුවත් මීට පෙරද ඔවුන් අත්විඳි බවයි.
කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මියගිය පුවත තවමත් තමන්ට තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු නොමැති බව ඇමෙරිකානු හමුදා ප්‍රකාශක කර්නල් ක්‍රිස්ටෝෆර් සී. ගර්වර් පවසා තිබේ.
මෙම ඝාතනය රක්ඛා ආසන්නයේදී සිදුවූ බව ඇතැම් වාර්තා පවසද්දී, තවත් වාර්තාවන්ට අනුව ඉරාකයේ, මොසූල් ආසන්නයේදී එය සිදුවූ බව සඳහන්ව තිබුණි. මෙම ස්ථාන දෙකම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ප්‍රධාන බලකඳවුරු දෙකක් වන අතර, මෙම ස්ථාන දෙක වෙතම වරින්වර ඇමෙරිකානු හා ඒකාබද්ධ ප්‍රහාරය එල්ල වෙයි.