බෙල්ජියමේ, බ්රසල්ස් නගරය වෙතද ප්රංශයේ පැරිස් නගරයට එල්ල වූ ආකාරයේ IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන්ගේ ප්රහාරයක් පිළිබඳ හෙළිදරව්වකින් එරට ත්රස්ත අවදානම් සීමාව උපරිමයට ගෙන තිබේ.
ඒ අනුව, බ්රසල්ස් අගනුවර වෙත ප්රති-ත්රස්ත පොලීසිය මෙන්ම යුද හමුදාවද කැඳවීමින් නගරය පුරා ආරක්ෂාව වැඩිකර ඇති බවද කියැවෙයි.
මේ තත්ත්වය තුළ එරට මෙට්රෝ උමංග දුම්රිය ප්රවාහනයද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අතර, පාසල් හා ඇතැම් කාර්යාලයද නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබේ.
පැරිස් ප්රහාරයේ ජිහාඩ් අන්තවාදියෙකු වූ සලාහ් අබ්දේසලාම් නැමැත්තා දඩයම් කිරීමද මෙහිදී සිදුවන අතර, ඔහු මෝටර් රථයකින් ජර්මනියට පළායමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.