IS ජිහාඩි ජෝන් ඩ්‍රෝන ප්‍රහාරයෙන් මිය ගියාද?
IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදයේ, ප්‍රසිද්ධියේ බෙලි කපමින්, තම ක්රෑරත්වය ප්‍රදර්ශනය කළ ජිහාඩි ජෝන් නමැති ත්රස්තවාදියා ඉලක්කකර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඇමෙරිකාව පවසයි.
ඊයේ (12දා) සිරියාවේ රක්ඛා නගරය වෙත එල්ල කළ මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජිහාඩි ජෝන් නිසැක ලෙසම ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අවධාරණය කරයි.
මොහොමඩ් එම්වාසි, හෙවත් ජිහාඩි ජෝන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මොහු ක්වේටයේ උපන්, බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයෙකි.
බටහිර ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනාගේ බෙලි කපමින් ඔවුන් ඝාතනය කළ වීඩියෝවල පෙනී සිටි මොහු ඉලක්ක කිරීමට ඇමෙරිකාව ප්රමුඛ බලවත් රටවල් රැසක් උකුසු ඇස හෙලමින් සිටියේය.
මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසන්නේ ගුවන් ප්‍රහාරය සාර්ථක වුවත් ජිහාඩි ජෝන් මියගිය බවට මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, එය මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බවද ඩේවිඩි කැමරන් අවධාරණය කරයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

