2015 වසර අවසානයේදී මිලියන 15කට ආසන්න HIV ඒඩ්ස් ආසාධිතයන් පිරිසකට ප්රතිකාර කිරීමට සිදුවනු ඇති බවට පුරෝකථනය කළත්, එම අගය මේ වනවිටත් ඉක්ම ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඒ අනුව, අදාළ පුරෝකථනයට මාස 9ක් තිබියදී, පසුගිය මාර්තු මාසයේදී මිලියන 15 සීමාව ඉක්මවා ගොස් තිබේ.
2000 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒඩ්ස් ආසාධිතයන්ට ප්රතිකාර කිරීමේ ඉලක්කය ලක්ෂ 7 සීමාවේ පැවතියේය.
පසුගිය දශක කිහිපය පුරාම ඒඩ්ස් වෙනුවෙන් ප්රතිකාර සොයා ගැනීම සඳහා ලෝකයම දැවැන්ත ප්රයන්තයක් දරමින් සිටියි.