රිය පැදවීම නවීන තාක්ෂණය මත පිහිටා සිදුකිරීමේ යුරෝපා ඉලක්කය සපුරා ගනු වස්, Europe's Global Navigation System හෙවත් 'ගැලීලියෝ' නම් සැටලයිට් තාක්ෂණය යොදාගැනීම වෙනුවෙන් අභ්‍යවකාශගත කෙරුණු චන්ද්‍රිකා දෙකක් නිවැරදි කක්ෂය වෙත ගමන් කර නොමැති බව යුරෝපා අභ්‍යවකාශ නියෝජිතායතනය පෙන්වා දෙයි.
මෙම අභ්‍යවකාශ යානා දෙක ප්‍රංශයේ ගුයානා හිදී අභ්‍යවකාශ ගත කෙරුණු අංක 5 සහ 6 දරන අභ්‍යවකාශ චන්ද්‍රිකා වන බවත්, ඒවා පසුගිය සිකුරාදා වනවිටත් පාලක මධ්‍යස්ථානයේ පාලනයට නතුව පැවතිය මුත්, එහි නව තත්ත්වය පරීක්ෂාවට ලක්කරමින් සිටින බව ඔවුන් පවසයි.
ඇමෙරිකානු GPS සහ රුසියානු Glonass නමැති නැවිගේෂන් සංඥා තාක්ෂණ පද්ධතීන්වලට අභියෝගයක් එල්ල කිරීම සඳහා තරගකාරීව යුරෝපයේ නිමැවුණු තාක්ෂණයක් ලෙස ගැලීලියෝ තාක්ෂණය හඳුන්වයි.
චන්ද්‍රිකා 30ක් කක්ෂගත කිරීම මගින් 2020 වනවිට සම්පූර්ණ නැවිගේෂන් සේවාවක් ලබාදීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ බව කියැවෙයි.