G20 සමුළුවේ ජනපති ට්‍රම්ප් පුටුවේ ඉවන්කා අසුන් ගනී
G20 රාජ්‍ය නායක සමුළුවේදී කෙටි වේලාවක් සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට, ඇගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් ඇමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.
ඇමෙරිකානු නායක ට්‍රම්ප් ඉන්දුනීසියානු රාජ්‍ය නායකයා සමග සාකච්ඡාවකට පිටත්ව යෑම නිසා රාජ්‍ය නායකයන් සහභාගී වූ සාකච්ඡාවක ට්‍රම්ප්ගේ පුටුව ඉවන්කාට ලබාදී තිබුණි.
ජනපති ට්‍රම්ප්ගේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ඉවන්කා, මේ ආකාරයෙන් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් පෙනී සිටීම අතිශය දුලභ සිදුවීමක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඉතා ඉක්මණින්ම තම ආසනය වෙත ට්‍රම්ප් පැමිණ තිබූ අතර, එහිදී ඉවන්කා තම පියාට අසුන භාරදී ඉන් ඉවත්වූ බවද පැවසෙයි.
එහිදී, ඉවන්කා චීන ජනපති ෂී ජිංපිං සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ අතර අසුන්ගෙන සිටීමද සුවිශේෂී සිදුවීමක් වන අතර, ට්‍රම්ප්ගේ නූතන ජනාධිපතීත්වය යළිත් පිළිබිඹු කළ අවස්ථාවක් ලෙසද මෙය ඇතැම් විචාරකයෝ පෙන්වා දුන්හ.
ට්‍රම්ප් නොමැති අවස්ථාවේදී අප්‍රිකානු සංක්‍රමණිකයන් හා සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න සමුළුවේ සාකච්ඡා වී තිබූ අතර, එම සාකච්ඡාව සඳහා ඉවන්කා විසින් සිය පියා නියෝජනය කරමින් සහභාගී වුවද වැඩි දායකත්වයක් නොදැක්වූ බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඇය සිය පියා වෙනුවෙන් සමුළුවට සහභාගී වී සිටි ඡායාරූපයක් රුසියානු නියෝජිතවරියක් විසින් සිය ට්විටර් ගිණුමට එක්කර තිබුණේ, 'ජනපති ට්‍රම්ප් ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට යද්දී G20 සමුළුවේ ට්‍රම්ප් නියෝජනය' යනුවෙනි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
