මා FBI විමර්ශනයකට නතුව සිටියේ නෑ - ට්‍රම්ප්
හිටපු FBI ප්‍රධානියා බොරු ෂෝකාරයෙකු ලෙස හඳුන්වන ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් කිසිවිටෙකත් කිසිදු විමර්ශනයකට ගොදුරක් වී නොසිටි බවද අවධාරණය කරයි.
එන්.බී.සී. නාලිකාව සමග සංවාදයකට එක්වෙමින් ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ ජේම්ස් කොමේ හෙවත් හිටපු FBI ප්‍රධානියා ඉවත්කිරීම තමාගේ තීරණයක් බවයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියානු අතපෙවීම් සහ ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරයේ නිලධාරීන් හා මොස්කව් අතර සබඳතාවක් පැවතියේද යන්න සම්බන්ධයෙන් කොමේ විසින් විමර්ශනයක් සිදුකරමින් සිටි බව කියැවේ.
FBI අධ්යක්ෂවරයා සම්බන්ධ ගැටලුවෙන් පසුව ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ට්‍රම්ප් මෙම අදහස් දැක්වීම් සිදුකළේය.
"මා විමර්ශනයකට නතුවෙමින් සිටිනවාද?" කියා තමන් කොමේගෙන් සෘජුවම විමසා සිටි බවත්, එහිදී ඔහු පිළිතුරු දෙමින්, "නැහැ, ඔබ විමර්ශලයකට නතුවෙමින් නැහැ" යනුවෙන් පැවසූ බවත් ට්‍රම්ප් පැවසීය.
ඒ අනුව, මෙය සෘජුවම තමාව FBI විමර්ශනයකින් ගළවා ගැනීම සඳහා සිදුකළ ඉවත්කිරීමක් නොවන බව පවසන ට්‍රම්ප්, අවධාරණය කරන්නේ තමන් හෝ තම ඡන්ද ව්‍යාපාරය කිසිවිටෙකත් රුසියාව සමග සබඳතාවක් නොපැවැත්වූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

