FBI නව ප්‍රධානියාගේ නම සතියක් ඇතුළත - ට්‍රම්ප්
ඇමෙරිකානු FBI ආයතනයේ හිටපු අධ්යක්ෂ ජේම්ස් කොමේ වෙනුවට පත්කෙරෙන නව ප්‍රධානියා මෙම සතිය අවසානයේදී ප්‍රකාශයට පත්කිරීමට හැකි වනු ඇති බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මාධ්‍යවේදීන් හමුවේ ඔබාමා කියා සිටියේ බොහෝ විට එළඹෙන සිකුරාදා දිනයේදී, එනම ජනාධිපතිවරයා ලෙස සිදුකරන තම ප්‍රථම විදෙස් සංචාරයට පෙර මෙම නම ප්‍රසිද්ධ කිරීමට හැකිවනු ඇති බවයි.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම තනතුර සඳහා මුල්ම අපේක්ෂකයා ලෙස ඇමෙරිකානු අධිකරණ අමාත්‍යාංශයේ පරීක්ෂාවකට ලක්ව ඇත්තේ ආරක්ෂක තත්ත්ව පිළිබඳ නීතීඥයෙකු වූ ඇලිස් ෆිෂර්ය.
එමෙන්ම, දැනට වැඩබලන FBI ප්‍රධානියා වන ඇන්ඩ්‍රෘ මැකබේ සහ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු දෙනෙකු එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් සහ නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ස්ටෙයින් විසින් හමුවීමට නියමිතව තිබුණි.
ඒ අනුව, දැනට පුද්ගලයන් 11 දෙනෙකුගේ නම් මේ සඳහා යොජනා වී ඇති අතර, අවසානයේදී එම තනතුර පිරවීම සඳහා සෙනට් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය.
කෙසේ වෙතත්, හිටපු FBI ප්‍රධානියා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් දෝෂ දර්ශනයකටද ලක්වූ අතර, පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණය හා ඊට රුසියානු අතපෙවීමක් පැවතියේද යන්න සම්බන්ධයෙන් ඔහු සිදුකළ විමර්ශන සිදුකරමින් සිටීම මෙම තීරණයට හේතුව බවද කියවුණි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් කියා සිටියේ හිටපු ප්‍රධානියා තමන් පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොකරමින් සිටි බවයි. එම ඉවත්කිරීම තම අභිමතය පරිදි සිදුවන්නක් බවද ට්‍රම්ප් අවධාරණය කර තිබුණි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

