ෆේස්බුක් මොබයිල් ඇප් එක තුළින්, ඔබ කැමති ගීත හෝ රූපවාහිනී වැඩසටහන් ඔබේ ෆේස්බුක් මිතුරුජාලයට සවන්දීමට අවස්ථාව ලබාදීමේ නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.
එම ඇප් එක හරහා හඳුනා ගන්නා සිංදුව හෝ වැඩසටහන අදාල ෆේස්බුක් පරිශීලකයාට තම ප්‍රොෆයිල් එක තුළින් හෝ තෝරාගත් මිතුරු පිරිසකට ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවෙයි.
විවිධ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ පහසුවෙන් තම අදහස් හුවමාරු කරගැනීමටද මෙමගින් අවස්ථාව ලැබෙන අතර, ඇතැම් අය කියා සිටින්නෙ මෙය පෞද්ගලිකත්වය අහුරන විශේෂාංගයක් බවයි.
මන්දයත්, මෙම විශේෂාංගය ෆේස්බුක් ඇප්එක හරහා ක්‍රියාත්මක කිරීමේදී ඔබේ ස්මාර් උපකරණයේ වූ මයික්‍රොෆෝනය මගින් ඔබ සවන්දෙන හෝ ඔබ නරඹන රූපවාහිනී වැඩසටහන හඳුනාගැනීමක් සිදුවෙයි.
කෙසේ වෙතත් ෆේස්බුක් පෙන්වා දෙන්නේ මෙම විශේෂාංගය ඕනෑම අවස්ථාවක ක්‍රියාවිරහිත කළ හැකි බවයි. එමෙන්ම එමගින් උකගා ගන්නා ඕඩියෝ සංඥා කිසිම තැනක පටිගත නොවන බවත් පවසයි.