පුද්ගලයන් 66 දෙනෙකු සමග අනතුරට පත්වූ ඉරාන ගුවන් යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලින් කවර හෝ පණිවුඩයක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් පසුවෙයි.
අසේමාන් ගුවන් සේවයට අයත් මගී ප්‍රවාහන යානය සැග්රෝස් කඳුකර ප්‍රදේශයේදී ඊයේ අනතුරට පත්විය.
මෙම අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරුණත්, මගීන්ගේ ඥාතීන් බලාපොරොත්තු අත්හැර නොමැති බව කියයි.
ප්‍රදේශයේ පවතින දැඩි සුළං සහ හිම තත්ත්වය නිසා යානය අනතුරට පත්වූ ප්‍රදේශය වෙත ගමන් කිරීම පහසු කටයුත්තක් නොවන බවද මුදාගැනීමේ කණ්ඩායම් පවසයි.
ATR 72-500 වර්ගයේ ද්විත්ව එන්ජින් ටර්බෝප්‍රොප් යානය ටෙහ්රාන් අගනුවර සිට නිරිතදිග යසූජ් නගරය වෙත පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණපා තිබුණි.
EP3704 දරණ ගුවන් යානය ග්‍රිනීච් වේලාවෙන් අලුයම 04.30ට පමණ මෙම අනතුරට මුහුණපා ඇත්තේ යානය ගුවන් ගතවී පැයක පමණ කාලයකින් පසුවය.