නිරිතදිග ෆින්ලන්තයේ ටර්කු නගරයේදී ජිහාඩ් අන්තවාදියෙකු විසින් එල්ල කරනලද පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම සිද්ධිය වාර්තා වූ සැණින් එම ස්ථානයට ළඟා වූ පොලීසිය සැකකරුගේ පාදයකට වෙඩි තබමින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිරිතදිග ෆින්ලන්තයේ පූටෝරි වෙළෙඳ චතුරස්‍රය ආශ්රිත ප්‍රදේශයේදී ඇති වූ මෙම ම්ලේච්ඡ සිදුවීමෙන් අනතුරුව නගර මාධ්‍යයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
සිද්ධියට මුහුණදී ඇති සියලු දෙනා වැඩිහිටියන් බවත්, තුවාල ලැබූ තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කළ ආකාරයට බොහෝ පිරිස්වල බෙල්ලටම මන්නා පිහියකින් පහරදී ඇත.
මෙම ප්‍රහාරය දියත් කළ පුද්ගලයා විදෙස් සම්භවයක් ඇත්තෙකු බවත්, මෙය බාසිලෝනා ප්‍රහාරය හා සම්බන්ධ ප්‍රහාරයෙක් බවත් ෆින්ලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
ෆින්ලන්තයේ එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර ජනාකීර්ණ වීදියකදී පදිකයන් වෙතට තවත් ජිහාඩ් ත්‍රස්තයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් 13 දෙනෙකුවත් මියයාමෙන් දිනකට පසුවය.
ඉන් පැය කිහිපයකට පසුව ස්පාඤ්ඤයේ කැම්බ්රිල්ස් ප්‍රදේශයේදීද එවැනිම තවත් ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ විදෙස් සම්භවයක් සහිත ත්‍රස්ත සැකකරුවන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.