ෆින්ලන්තයේ, වයඹදිග ටුර්කු නගරයේදී පසුගියදා එල්ල වූ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයේදී කාන්තාවන්වම ඉලක්ක කරමින් පිහි ඇණුම් සිදුකර ඇති බව අනාවරණය වෙයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 8 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලැබීය.
මියගිය කාන්තාවන් දෙදෙනා ෆින්ලන්ත ජාතිකයෝ වෙති. තුවාල ලැබූ සෙසු පිරිස අතර බ්‍රිතාන්‍ය, ස්වීඩන් සහ ඉතාලි ජාතිකයෝද වෙති.
මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූ අතර, ඔහු මොරොක්කෝ ජාතිකයෙකි. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15 සිට 67 වයස් මට්ටමේ පසුවන අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවෙයි.
මේ අතර, මාධ්‍ය අමතමින් ෆින්ලන්ත අගමැති ජූහා සිපිලා පවසා සිටියේ ෆින්ලන්තය මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණදුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.