ඔබාමගේ කියුබානු සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් මුනිවත රැක සිටි කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ සිය කටහඬ අවදි කරමින් අධිරාජ්‍යයන්ගෙන් අපට කිසිදු ත්‍යාගයක් අවශ්‍ය නොවන බව අවධාරණය කර තිබේ.
කියුබානු රජයේ පුවත්පත ලෙස සැලකෙන ග්‍රෑන්මා වෙත ලිපියක් පළ කරමින් ෆිදෙල් කැස්ත්‍රෝ මෙසේ අදහස් දක්වා ඇති අතර, ඔහු වත්මන් කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ වෙත මීට දශකයකට පමණ පෙර බලය පැවරූ විප්ලවීය සහෝදරයාය.
ඔබාමා මෙම සංචාරය තුළදී දක්වා ඇති සංහිඳියා වචනය අධික පැණි සහිත වචනයක් බවත්, එය කියුබානු ජනතාව වෙත හෘදයා බාධ ඇතිකළ හැකි අදහසක් බවත් ෆිදෙල් කැස්ත්‍රෝ අවධාරණය කර තිබේ.
මෙම සංචාරය අතරතුරදී ඔබාමා විසින් බලාපොරොත්තු සහගත අනාගතයක් යන මැයෙන් විශේෂ දේශනයක්ද සිදුකළේය.
එමෙන්ම, කියුබාවට එරෙහිව වසර 54කට පෙර පනවා තිබූ ඇමෙරිකානු වෙළෙඳ තහනම ඉවත් කරන බවද මෙහිදී ඔබාමා පවසන විට ඒ වෙනුවෙන් කියුබානුවන්ගෙන් උණුසුම් ප්‍රචාරයක් හිමිව තිබුණි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු භූමියට කිලෝමීටර් කිහිපයක් නුදුරින් සිටින කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ තැම්බීමට ලෝක බලවතාට අවස්ථාවක් නොමැති බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.