සියෙරා ලියෝන් රාජ්‍යයේ, ෆ්‍රීටවුන් අගනුවරට බලපෑ ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ 400ක් පමණ පිරිසෙන් අඩකගේ දේහයන් මේ වනවිටත් භූමදාන කර ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, සමූහ වශයෙන් සිදුකිරීමට නියමිතව තිබූ භූමදාන කටයුතු අද (17දා) දිනය දක්වා කල්දමා තිබුණේ ඥාතීන්ට තම මියගිය සමීපතමයන්ගේ දේහයන් හඳුනාගැනීමට අවස්ථාවක් සැලසීම සඳහා බවද එරට රජය පවසයි.
නමුත්, ඇතැම් දේහයන් මේ වනවිටත් භූමදාන කටයුතු සිදුකර ඇති බව ෆ්‍රීටවුන් හි ප්‍රධාන මරණ පරීක්ෂකවරයා පවසයි.
කෙසේ වෙතත්, මෙම මහා ව්‍යසනයෙන් තවමත් පුද්ගලයන් 600ක් පමණ අතුරුදන්ව ඇති නිසා මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස 1,000 ඉක්මවනු ඇති බවද විශ්වාස කෙරෙයි.
සියෙරා ලියෝන් ජනාධිපති අර්නස්ට් බායි කොරෝමා විසින් රට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කළ අතර, තම රාජ්‍යයට කඩිනම් සහනාධාර අවශ්‍ය බවද ලෝකයට කියා සිටියේය.