ෆ්ලොරීඩා හි ඔර්ලැන්ඩෝ වෙඩි තැබීමේ සමූල ඝාතකයා IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් සෘජු මෙහෙයවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා නොවන බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා කියයි.
කෙසේ වෙතත්, ජීවිත හානි 49ක් සමග පල්ස් රාත්රී සමාජශාලා ප්රහාරයේ සිදුවූ වෙඩි තැබීම ත්රස්ත ප්රහාරයක් ලෙස සලකා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඔබාමා පවසා ඇති බව විදෙස් වාර්තා කියයි.
මෙම ප්රහාරය සිදුකළ ඕමාර් මාර්ටිනී එම ප්රහාරයට මොහොතකට පෙර අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයට පක්ෂපාතීත්වයක් දක්වන ප්රතිඥාවක් ලබාදී තිබූ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ කියයි. නමුදු, ඔහු හා අයි.එස්. සංවිධානය අතර සෘජු සම්බන්ධතාවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔවුන් කියයි.
"ඔහු මේ ප්රහාරයට මොහොතකට පෙර ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට පක්ෂපාතීත්වයක් දැක්වූ බව පැහැදිලියි."
"නමුත්, මේ ප්රහාරය සඳහා එම සංවිධානය සෘජුවම ඔහුව මෙහෙයවා ඇති බවට තවම පැහැදිලි සාක්ෂියක් හමුවී නෑ."
"කෙසේ වෙතත්, මෙය වසර ගණනාවක් පුරා අප අවධානයෙන් සිටි, අප භූමියේදීම ඉස්ලාම් අන්තවාදය දළුලා වැඩීමක් බව නම් පැහැදිලියි." යනුවෙන් ඔබාමා වැඩිදුරටත් පවසා සිටියි.