ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීම සිදුකළ 19 හැවිරිදි තරුණයා මීට පෙර FBI ආයතනය අනතුරු ඇඟවීමක් කර තිබූ අයෙකු බව අනාවරණය වී තිබේ.
නිකොලාස් ක්රස් නැමති මෙම තරුණයා විසින් පුද්ගලයන් 17 දෙනෙකුට වෙඩි තබමින් මනුෂ්‍ය ඝාතන චෝදනා සහ තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙය 2012 වසරේ කනෙක්ටිකට් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඇමෙරිකානු ඉතිහාසයේ වාර්තාවූ දරුණුතම පාසල් වෙඩි තැබීමේ සිදුවීම ලෙස සඳහන් වෙයි.
පසුගිය වසරේදී මෙම සැකකරු යූටියුබ් ජාලයේ වීඩියෝවකට තම අදහස් එක් කරමින් තමන් වෘත්තීය පාසල් වෙඩි තබන්නෙකු ලෙස හඳුන්වා ඇත.
මෙම යූටියුබ් වීඩියෝව සඳහා ඔහු අදහස් පළ කිරීමත් සමග FBI ආයතනය මෙම තැනැත්තා පිළිබඳ අවධානය යොමු කර ඇත.
කෙසේ වෙතත්, එම අදහස් පළ කළ තැනැත්තා නිවැරදි අයුරින් අනාවරණය කර ගැනීමට FBI ආයතනය එවකට අපොහොසත් වී ඇත.
අවසානයේදී මෙම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සැකකාර තරුණයාට බෑගයක් සහිතව කිසිම විටෙකත් පාසලට ඇතුළු වීමට අවස්ථාව නොදෙන ලෙස පාසලේ ගුරුවරුන්ටද FBI ආයතනය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණු බවද කියැවෙයි.