ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලකදී 19 හැවිරිදි තරුණයෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීම සිදුකළ සිසුවා එම පාසලේම අධ්‍යාපනය ලබා, පසුව පාසලෙන් නෙරපූ ශිෂ්‍යයෙකු වන නිකොලස් ක්රස් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී බොහෝ සිසුන් ආරක්ෂිත ස්ථානවල සැඟව ඇති අතර, පසුව පොලීසිය පැමිණ තත්ත්වය සමතයකට පත්කර තිබේ.
2012 වසරේදී කනෙක්ටිකට් උසස් පාසලක පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය වූ සිදුවීමට පසුව ඇමෙරිකාවේ සිදුවූ ප්රබලතම පාසල් වෙඩි තැබීමක් ලෙස මෙය ඉතිහාසගත වෙයි.
පොලීසිය පවසා සිටියේ ඔහු පාසල් ගොඩනැගිල්ල වෙත ඇතුළු වීමට පෙර පිටතදී පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
පසුව තවත් 12 දෙනෙකු පාසල තුලදී ඔහු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකු පසුව රෝහල තුළදී ජීවිතක්ෂයට පත්වූ බව කියැවෙයි.