ජීවිත 62ක් සමග පසුගියදා අනතුරට පත් ෆ්ලයිඩුබායි යානයේ නියමුවා සිය සේවයෙන් ඉවත්වීමට සිටි අයෙකු බව ඔහුගේ සමීපතමයෙකු පවසා තිබේ.
බොයිං 737-800 වර්ගයේ යානය රුසියාවේ රොස්ටෝව්-ඔන්-ඩොන් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ගත් දෙවැනි උත්සාහයේදී සුළං ප්රවාහයකට හසුවීමෙන් යානය ගුවන් පථයට පෙර පොළවට පතිත වී සම්පූර්ණයෙන්ම සුනුවිසුණු වී ගියේය.
විශේෂයෙන්ම මෙම ගුවන් සේවයේදී ඔවුන්ට එක දිගට පියාසර කිරීමට සිදුවීම නිසා විවේකය අඩු බවත්, මේ හේතුවෙන් බොහෝ නියමුවන් සේවය අත්හැර යමින් හා අත්හැර යාමට සූදානමින් සිටි බවත් නම සඳහන් නොකළ නියමුවෙකු බී.බී.සී.ය වෙත පවසා තිබුණි.
යානය ගොඩබස් වන අවස්ථාවේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන ධාවනය පථය අපැහැදිලි වීම මෙන්ම, වේගවත් සුළං දහරා මෙම අනතුරට හේතුව බව කියවුණු අතර, යානය ගොඩබැස්වීම සඳහා සුදුසු අවස්ථාව පැමිණෙන තුරු එය ගුවන්තොටුපොළ වටා වාර කිහිපයක් ගමන් කර ගොඩබෑමට ගත් දෙවැනි උත්සාහයේදී අනතුරට පත්ව තිබුණි.