කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් තමන් කතා නොකළ බවත්, එය හිටපු සහායකයෙකු වූ පෝල් මැනෆෝට් සම්බන්ධ කතාවක් බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ අධාරකරුවෙකු වූ ස්ටීව් බැනන් පවසයි.
මයිකල් වොල්ෆ් විසින් රචිත 'ගින්න සහ වියරුව' (ද ෆයර් ඇන්ඩ් ෆියුරි) කෘතියෙන් බැනන් උපුටා දක්වමින් කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ජුනි මාසයේදී රුසියානු නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබූ බව සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, තමන් එහි සඳහන් කළේ ජනපති පුත්‍රයා පිළිබඳව නොවන බවත්, ඔහු දේශ හිතෛෂී මෙන්ම, ඉතා හොඳ මිනිසෙකු බවත් බැනන් පසුව සඳහන් කර තිබුණි.
"මගේ අදහස් දැක්වීම සිදුවුණේ පෝල් මැනෆෝට් සම්බන්ධයෙනුයි. ඒ රුසියානුවන් කපටි සහ අපේ මිතුරන් නොවන බව ඔහු දැන සිටිය යුතු බව මගේ අදහස වුණා. නමුත්, ඒ අදහස් දැක්වීම කිසිසේත්ම කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර සිදුකළ ඒවා නොවෙයි" බැනන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.