ළමා අපයෝජක පූජකවරුන් වෙනුවෙන් පාප් වහන්සේ සමාව ඉල්ලයි
ළමා ලිංගික අපචාරවල යෙදුනු රෝමානු කතෝලික පූජකවරුන් වෙනුවෙන් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ජාත්‍යන්තර කතෝලික සංවිධානයක සාමාජිකයන් අමතමින් පාප් වහන්සේ මෙසේ සමාව ඉල්ලා සිටි බව කියැවෙයි.
"ඇතැම් පූජකවරු සුළු පිරිසක් සිදුකරන ලද සියලු පාපී ක්‍රියාවන් වෙනුවෙන් මා පෞද්ගලිකවම මැදිහත් විය යුතු බව මට හැඟෙනවා" යැයි පාප් වහන්සේ එහිදී පවසා ඇත. "ළමුන්ට ලිංගික අතවර කරමින් ඔවුන් විසින් කරනලද හානියට මා පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටිනවා."
එමෙන්ම, ළමා අපයෝජක පූජකවරුන් සිය වැරදිවලට දඬුවම් විඳිය යුතු බවද පාප් වහන්සේ පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, ළමා අපයෝජක පූජකයන් සම්බන්ධ ප්රශ්නය යට ගැසීමට උත්සාහ දරන බවට ඇතැම් කතෝලික භක්තිකයෝ පාප් වහන්සේට චෝදනා කරන බවද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
නමුදු, කතෝලික සභාව කැළඹූ මේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් පාප් වහන්සේ මෙතෙක් කළ දැඩිම හෙලා දැකීම මෙය බවද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

