යේමනයේ සටන් වදින හොයුතු සටන්කාමීන් මොරොක්කෝවට අයත් ප්රහාරක යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෞදිය ප්රමුඛ එකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාර හමුවේ හොයුතු සටන්කාමීන් මෙසේ ගුවන් යානය බිම හෙලා තිබේ.
මේ අතර, මොරොක්කෝවේ රාජකීය ගුවන් හමුදාව මීට පෙර පවසා තිබුණේ තම ප්රහාරක යානයක් අතුරුදන් වී ඇති බවය.
කැරලිකරුවන් විසින් මෙහෙයවන අල්-මසිරා රූපවාහිනිය විසින් එෆ්-16 ගුවන් යානයක් බිම හෙලා ඇති බව වාර්තා කළ අතර, යානයේ කොටස් කිහිපයක්ද පෙන්වන්නට විය.
පසුගිය මාර්තු 26 වැනිදා ඒකාබද්ධ හමුදා හොයුතු කරැලිකරුවන්ට එරෙහිව ප්රහාර ආරම්භ කිරීමෙන් පසු ඔවුන් විසින් බිම හෙලූ ප්රථම යානය මෙය බව විදෙස් වාර්තා පවසයි.