හොංකොං විරෝධතා නවත්වන්නැයි ප්‍රධාන විධායක කියයි
හොංකොං විරෝධතාව නවතා දමන ලෙස එරට නායක/ප්‍රධාන විධායක සී.වයි.ලියුන්ග් ප්රජාතන්ත්රවිරෝධී ව්‍යාපාරයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් හේතුවෙන් මේ වනවිට හොංකොංහි බොහෝ ප්‍රදේශ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති අතර, පසුගිය සතියේ සිට මෙම විරෝධතා උත්සන්න වෙමින් පැවතිණි.
එහිදී, හොංකොංහි ප්‍රධාන ව්‍යාපාරික නගරය සහ සෙසු ප්‍රදේශ පුරා වීදි බැස සිටින විරෝධතාකරුවන් දිගින් දිගටම පවත්වා ගෙන යන උද්ඝෝෂණ නතර කරන්න යැයි පවසන ප්‍රධාන විධායක කියන්නේ, චීනය සලිත කිරීමට මෙය හේතුවක් නොවන බවයි.
විරෝධතාකරුවන් පවසන්නේ සී.වයි. ලියුන්ග් චීනයේ රූකඩයක් ලෙස ක්‍රියාකරන බවයි. මේ නිසා ඔහුට සිය ධුරයෙන් ඉවත් වන ලෙසටද උද්ඝෝෂකයෝ ඉල්ලීම් කරති.
කෙසේ වෙතත්, මෙම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ, මීළඟ මැතිවරණයේදී ඡන්ද දායකයන්ට බලපෑම් කළ හැකි නීති චීනය විසින් ඉවත්කර ගනිමින්, ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලබාදීමය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

