හොංකොං 20 වැනි නිදහස සමග ලැම් ප්‍ර.විධායක ධුරයට
හොංකොං වෙත බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමිවී වසර 20ක් සපිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන සැමරුම් සමග හොංකොං හි නව විධායක නිලධාරිනිය ලෙස කැරී ලැම්, චීන ජනපති ෂී ජිංපිං අතින් පදවි ලබයි.
මෙම සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී සැණකෙළි මාලාව වෙත චීන ජනපති ෂී ජිංපිං සහභාගී වන්නේ ඔහු චීනයේ ජනපති ධුරයට පත්ව ප්‍රථම වරට හොංකොං සංචාරයක නිරත වෙමිනි.
කෙසේ වෙතත්, මේ සියලු සැමරුම් සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණේ එරට වත්මන් පාලනයට හා බීජිං පාලනයට එරෙහි උද්ඝෝෂණ මාලාවක්ද ක්‍රියාත්මක වෙමින් පැවති නිසාය.
මෙහිදී, උද්ඝෝෂණ අතරතුර පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර, චීනය හොංකොං පාලනය වෙත දිගින් දිගටම අතපෙවීම එහි විරුද්ධ මතධාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, හොංකොං වෙත එවකට නිදහස හිමිවන විට බ්‍රිතාන්‍ය විසින් හොංකොං පාලනය භාරදෙනු ලැබුවේ එහි අයිතිය හිමි චීනය වෙතමය.
මෙම අස්ථාවේදී අදහස් දක්වමින් චීන ජනපති ෂී ජිංපිං කියා සිටියේ හොංකොං වැසියන් පෙර නොවූවිරූ නිදහසක් මේ වනවිට බුක්ති විඳින බවකි.

.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

