හේග් අපරාධ අධිකරණ තුළ චූදිතයෙක් වස පානය කරලා
බොස්නියානු ක්රෝඇට් ජාතික යුද අපරාධකරුවෙකු ලෙස චෝදනා ලබා සිටි ජෙනරාල්වරයෙකු වූ ස්ලොබොඩාන් ප්රයැක් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළදී වස පානය කර සියදිවි හානි කරගෙන තිබේ.
පැරණි යුගොස්ලාවියාවේ අපරාධ පිළිබඳ අවසන් විමර්ශණ කටයුතු විභාග වෙමින් පැවති අවස්ථාවේදී ඔහු මෙසේ අධිකරණය භූමිය තුළ වස පානය කර ඇත.
කෙසේ වෙතත්, ඒ අවස්ථාවේදී හිටපු හමුදා ජෙනරාල්වරයා රෝහල්ගත කිරීමට කඩිනමින් කටයුතු කළත්, ඔහු රෝහලේදී අවසන් හුස්ම හෙළා තිබුණි.
ඔහුට මීට පෙර ලබාදී තිබූ විසි අවුරුදු සිර දඬුවම අධිකරණය විසින් තහවුරු කරනවාත් සමගම ඔහු සඟවාගෙන සිටි කිසියම් දියරය්ක කටට හළාගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මිය යනවිට 72 හැවිරිදි වියේ පසුවූ ස්ලොබොඩාන් ප්රයැක්, අධිකරණයට පමුණුවන ලද බොස්නියානු ක්රෝඇට් ජාතික හිටපු යුද සහ දේශපාලන නායකයන් 6 දෙනාගෙන් කෙනෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

