දකුණු කොරියානු රජය විසින් හුන්ඩායි හා කියා මෝටර්ස් හි මෝටර් රථ 240,000ක් යළි කැඳවීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.
මෙම මෝටර් රථ සමාගම්වල එකකට එකක් වෙනස් වාහන මාදිලි 12ක වූ දෝෂයක් මෙම යළි කැඳවීමට හේතුව බව කියයි.
දකුණු කොරියානු රජය විසින් මෙසේ වාහන යළි කැඳවීමේ නියෝගයක් නිකුත් කළ ප්රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
හුන්ඩායි අයි30, සොනාටා, ජෙනිසීස් සහ කියා මොහොවේ සහ කාර්නිවල් යන මෝටර් රථවල වැක්යුම් පයිප්, ෆුවෙල් හෝස්, පාකින් බ්රේක් ලයිට් සහ ඇතුළු තවත් දෝෂ සහිත කොටස් කිහිපයක් සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනුවී තිබේ.