ඉන්දියාවේ මුම්බායි නුවරදී තරුණයෙකුගේ හිස් කබලක වූ කි.ග්රෑ.1.8ක් බර ගෙඩියක් සැත්කමකින් සාර්ථකව ඉවත් කර ඇති අතර, එය ලෝකයේ එදාමෙදා තුර සැත්කමකින් හිසින් ඉවත් කළ විශාලතම ගෙඩිය ලෙස වාර්තා වෙයි.
පසුගිය පෙබරවාරි 14දා සිදුකළ මෙම ශල්‍යකර්මය පැය 07ක කාලයක් පුරා සිදුකර තිබුණේ මුම්බායි නගරයේ නෙයාර් රෝහලේදීය.
කෙසේ වෙතත්, මෙම ශල්‍යකර්මය පිළිබඳ තොරතුරු මුලින් මාධ්‍ය වෙත වාර්තා කර නොතිබුණේ එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් ආරම්භයේදී රෝහල් බලධාරීන්ටද සැකයක් ඇතිව තිබූ බැවිනි.
කෙසේ වෙතත්, ශල්‍යකර්මයෙන් පසුව රෝගියා යථාතත්ත්වයට පත්වෙමින් සිටින බවත්, ඔහුගේ ජීවිත අවදානම මේ වනවිට පහව ගොස් ඇති බවත් එම රෝහලේ ප්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍ය ත්‍රිමූර්ති නඩ්කර්නි මාධ්‍ය වෙත පවසා තිබේ.
ශාන්ත්ලාල් පාල් නැමති රෝගියා උතුරුදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඩයක සේවය කරමින් සිට ඇති අතර, ඔහු ශල්‍යකර්මයට පෙර මෙම විශාල ගෙඩිය සමග වසර තුනක කාලයක් ඉතා අසීරු ජීවිතයක් ගත කර තිබේ.