සෞදියේ සංචාරයකට පැමිණි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සංචාරයට එක්වූ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් හෝ දියණිය ඉවන්කා ට්‍රම්ප් හිස ආවරණය කර නොගෙන සෞදියට ගොඩබැස තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මීට වසර දෙකකට පෙර ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ බිරිඳ වූ මිෂෙල් ඔබාමාද මේ ආකාරයෙන්ම හිස ආවරණ කර නොගෙන සෞදියට ගොඩබැස තිබූ අතර, මෙය එවකට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම විවේචනය කිරීමත්, අද ට්‍රම්ප් ආර්යාව විසින්ම එය කර තිබීමත් විශේෂත්වයක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
සෞදියේදී කාන්තාවන් නීත්‍යානුකූලව පැළඳිය යුතු හිස් ආවරණ ඇමෙරිකානු ජනපති ආර්යාව මෙන්ම, ජනපති දියණිය යන දෙදෙනාම පැළඳ නොසිටියත්, ඔවුන් යම් විනීත ඇඳුම්වලින් සැරසී සෞදි අරාබියට ළඟා වූ බවත් විදෙස් වාර්තා පවසයි.
