පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂෙරීෆ් පක්ෂයේ නායකත්වයට නුසුදුසු පුද්ගලයෙකු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.
හිටපු අගමැතිවරයාට එරෙහිව පැවති දූෂණ චෝදනා හේතුවෙන් ඔහුට සිය ධුරයෙන් ඉවත් වන ලෙස පසුගිය වසරේදී නියෝගයක් ලැබුණි.
අධිකරණය කියා සිටියේ හිටපු අගමැතිවරයා සිය ධුරයෙන් නෙරපා දැමීමම ඔහුට සිය පක්ෂයේ නායකත්වය දැරීමට සුදුසුකමක් නොවන බවයි.
කෙසේ වෙතත්, නවාස් ෂෙරීෆ් වෙත එල්ල වන සියලු චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.