ඔස්ට්‍රේලියාවේ පුවත්පතක කතුවරයෙකු මෙන්ම, එරට හිටපු ජනමාධ්‍යවේදියෙකු වූ මයිකල් මැකෝර්මැක් එරට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බ්රැන්බි ජොයිස් සිය කාර්ය මණ්ඩල සේවිකාවක සමග අයථා සම්බන්ධතාවක් පැවැත්වීමේ සිදුවීමක් මූලික කර ගනිමින් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඔහු ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ වසර දෙකක කාලයක් කටයුතු කර තිබුණි.
මැකෝර්මැක් ජනමාධ්‍යවේදියෙකු ලෙස කලක් කටයුතු කළ අයෙකු වන අතර, ඔහු වර්ෂ 1993 දී සමලිංගිකත්වයට එරෙහිව තීරු ලිපියක්ද රචනා කර තිබුණේ, එය නීච ක්‍රියාවක් බව හුවා දක්වමිනි.
ඔහු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයට ඔසවා තැබීම සඳහා ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය ලබාදී තිබුණු අතර, ඔහු සමග තරගයට සිටියේ ජේර්ජ් ක්‍රිස්ටෙන්සන් පමණි.
ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන මැල්කම් ටර්න්බුල් ලිබරල් පක්ෂ සාමාජිකයෙකි.