චාද් රාජ්‍යයේ හිටපු නායක හිසෙනී හබ්රේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධවලට වැරදිකරු කරමින් සෙනගාලයේ ත්‍රිපුද්ගල අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම කර ඇත.
වර්ෂ 1982 සිට 1990 දක්වා කාලය තුළ ඔහු විසින් සිදුකළේ යැයි කියන කාන්තා දූෂණ, ලිංගික වහලුන් තබාගැනීම සහ ඝාතන පිළිබඳ සලකා බලමින් අධිකරණය මෙම තීන්දුව ගෙන තිබේ.
හබ්රේට එරෙහිව මෙම තීන්දුව අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග එදා ඔහුගේ තාඩන පීඩනවලට ලක්වූවන්ගේ ඥාතීන් සතුටු කඳුළු වගුරුවමින් එකිනෙකා සිප වැළඳගත් බවත් විදෙස් වාර්තා පවසයි.
මානව හිමිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අප්‍රිකානු රාජ්‍යයක නායකයෙකු සම්බන්ධයෙන් අප්‍රිකානු සංගමයේ අනුග්‍රහය ලැබූ අධිකරණයක් විසින් දඬුවම් ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වෙයි.
කෙසේ වෙතත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට හබ්රේ වෙත දින 15ක කාලයක් අධිකරණය විසින් ලබාදී තිබේ.