නිරිතදිග ජපානය වෙත ප්‍රබල හැලෝන්ග් චණ්ඩ මාරුතය කඩාවැදීමත් සමග මිලියනයක පමණ ජනතාවට සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දන්වා ඇති බව එරටින් වාර්තා වෙයි.
අකී, කෝචි ආශ්‍රිතව පියට කිලෝමීටර් 180ක පමණ වේගයකින් ගොඩබිමට ඇතුළු වූ චණ්ඩමාරුතය ප්‍රබල වර්ෂාපතනයක්ද ඇති කර තිබේ.
මෙම අධික වැසි තත්ත්වය බටහිර ටෝකියෝවටද බලපා ඇති අතර, මේ තත්ත්වය තුළ නායයෑම් හා ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද ජපාන කාලගුණ විද්‍යා අංශ පවසයි.
හැලෝන්ග් චණ්ඩ මාරුතය හේතුවෙන් මේ දක්වා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.