හැරී කුමරු හා මේඝන් ලබන වසරේදී විවාහයට සූදානම්
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමෙරිකානු රංගන ශිල්පිනී මේඝන් මාර්කල් සමග විවාහ වන බව දැනුම් දෙයි.
බ්‍රිතාන්‍යය කිරීටයේ ඔටුන්නට හිමිකම් කියන පෙළෙහි පස් වැනි තැන සිටින හැරී, ලබන වසරේ වසන්ත සෘතුවේදී මේඝන් සමග විවාහ දිවියට එලඹෙනු ඇති බවත්, පසුව ඔවුන් ලන්ඩනයේ කෙන්සින්ග්ටන් මාලිගයේ නොටින්ග්හැම් ගෘහයේ ජීවත්වනු ඇති බවත් සඳහන් වෙයි.
2016 වසරේ සිට මෙම යුවළ එකිනෙකා හමුවන අවස්ථා මාධ්‍යයේ උකුසු ඇසට ලක්වූ අතර, මෙම මස මුලදී ඔවුන් විවාහ ගිවිසගනු ලැබීමද වඩාත් කතාබහට ලක්විය.
නිවේදනයක් නිකුත් කරන හැරී පවසන්නේ මේ පිළිබඳ ඉතා සතුටින් දැනුම්දෙන අතර, ඔවුන් දෙපළට මේඝන්ගේ දෙමවුපියන්ගේ ආශිර්වාදයද ලැබුණු බවයි.
මෙම යුවළගේ විවාහ ගිවිස ගැනීමද දෙවැනි එළිසබෙත් රැජින සහ පවුලේ සමීපයන් කිහිප දෙනෙකු පමණක් මුලදී දැනගෙන සිටි අතර, එය ලන්ඩනයේදී සිදුව තිබුණි.
චාල්ස් කුමරුගේ හා නැසීගිය ඩයනා කුමරියගේ දෙටුපුත් හැරී සිය මව මෙන්ම සමාජ සේවයට කැපවූ චරිතයක් ලෙස ප්‍රචලිතය. එමෙන්ම, ඔහු සිය පියා මෙන් තරමක් සෙල්ලක්කාර දිවියක් ගෙවී අයෙකු ලෙසද සඳහන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




