හැකර්වරුන්ට කිසිම ඉඩක් නැති පණිවුඩ හුවමාරුවක්
වර්තමානයේදී හැකර් ප්‍රහාර සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහ කෙරෙන නිසා එම ප්‍රහාර සම්පූර්ණයෙන්ම වළකාලන පණිවුඩ හුවමාරුවක් සඳහා වූ ක්වොන්ටම් බලැති චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට චීනය කටයුතු කර තිබේ.
මෙවැනි ක්වොන්ටම් බලැති චන්ද්‍රිකාවක් හරහා හුවමාරු වන පණිවුඩ අනු පරමාණුක කොටස් පිපිරීමෙන් නිර්මාණය වන නිසා ඒ සඳහා ඇතුළු වීමට හැකර්වරුන්ට අවස්ථාවක් නොමැති බව චීන විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම, යම් ලෙසකින් මෙම පණිවුඩ තුළ තොරතුරු සොරාගැනීමට හැකර්වරු උත්සාහ කළහොත්, එම තොරතුරු ස්වයංක්‍රීයව විනාශ වීමේ තාක්ෂණයක්ද මීට අයත් බව එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
මෙය නිර්මාණය කිරීම සඳහා චීනය සමග ඔස්ට්‍රියානු විද්‍යාඥ කණ්ඩායමක්ද එකතු වී සිටි අතර, මේ සඳහා දැවැන්ත මුදල් සම්භාරයක් චීන රජය විසින් දරා ඇති බවද වාර්තා වෙයි.
චීන චින්තකයෙකු හා විද්‍යාඥයෙකු වූ මෙන්සියස් නමින් හැඳින්වූ මෙම ක්වොන්ටම් චන්ද්‍රිකාව හරහා බීජිං සිට බටහිර උරුන්කි වෙත රහස් පණිවුඩ හුවමාරු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම තාක්ෂණයම අනාගතයේදී හැකරු ප්‍රහාර පිටුදකින පරිගණක නිර්මාණයටද යොදාගැනීමට චීනය බලාපොරොත්තු වෙයි.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                