යුක්රේන දේශසීමාවේ සිටින රුසියානු හමුදා නැවත ආපසු හරවා ගනිමින් දේශසීමාවේ උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය අවම කිරීමට කටයුතු කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා රුසියාවෙන් උදක්ම ඉල්ලා සිටියි.
විදෙස් පුවත් සේවා පෙන්වා දෙන ආකාරයට රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිර දේශසීමාව ආශ්රිතව තම හමුදාවන් දහස් ගණනින් බලමුළු ගන්වමින් සිටී.
සී.බී.එස්. ප්රවෘත්ති සේවයේ සාකච්ඡාවකට එකතු වෙමින් ඔබාමා පවසා සිටියේ, යුක්රේනය තැත්ගැන්මකට ලක් කිරීමක් හෝ රුසියාවට තවත් සැලසුමක් ඇති බව මේ ක්රියාදාමය තුළින් ගම්ය වන බවයි.
මේ අතර රුසියානු ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ, මොස්කව් හි ක්රියාමාර්ගයන් සමග බටහිරින් රුසියාව වෙත පැමිණෙන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමට එරට බුද්ධි අංශ තවදුරටත් බලගන්වා ඇති බවයි.