ඊශ්‍රායල් සටන් විරාමය අවසන් වීමෙන් පසු පලස්තීන හමාස් සංවිධානය පැය 24ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, සියලුම හමාස් සටන්කාමීන් ග්‍රිනීච් වේලාවෙන් උදෑසන 11.00 සිට සියලු ප්‍රහාර නවත්වන බව හමාස් සංවිධානය පවසයි.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය දැනටමත් තමන්ගේම සටන් විරාමය කඩකර ඇති බැවින්, තම ජනතාව ආරක්ෂා කිරීම සඳහා ඕනෑම මොහොතක සූදානමින් සිටින බවයි.
කෙසේ වෙතත් මේ වනවිට ගාසා ගැටම් හේතුවෙන් මියගිය පලස්තීනුවන් පිරිස 1,060ක් දක්වා ඉහළ ගොස් ඇති අතර. ඊශ්‍රායල සොල්දාදුවන් 43ක් හා සාමාන්‍ය වැසියන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පලස්තීනුවන්ගෙන් වැඩි පිරිසක් සිවිල් වැසියන් බව කියයි.