සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට තවත් විශාල ග්‍රහ මණ්ඩලයක්
අප ජීවත්වන පෘථිවිය පිහිටි සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත මෙතෙක් සොයාගන්නා ලද විශාලතම ග්‍රහ පද්ධතියක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට ගූගල් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු සමත්ව තිබේ.
ඒ අනුව, අපගේ සූර්යාවට වඩා උෂ්ණත්වයෙන් වැඩි කෙප්ලර්-90 (Kepler-90) ලෙස හැඳින්වෙන එම තරුව වටා ග්‍රහ ලෝක හතක් ඇති බවද තාරකා විද්‍යාඥයෝ පවසති.
මෙම සුවිශේෂී සොයාගැනීම සඳහා මුල් වූ ගූගල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරු ක්‍රිස්ටෝෆර් ෂැලූ පවසා සිටියේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේම ග්‍රහ ලෝක ප්‍රමාණයක් දරා සිටින පළමු තරුව බවට කෙප්ලර් - 90 පත්වන බවයි.
මීට පෙර සිදුකරන ලද තාරකා නිරීක්ෂණයන් හිදී මගහැරුණු ග්‍රහ ලෝක සොයාගැනීම සඳහා ගූගල් ඉංජිනේරුවන් කෘත්‍රිම බුද්ධිය සහිත නවීන ක්‍රමවේදයක් සකසා ඇති බව පැවසේ.
ඒ අනුව, නාසා ආයතනය අභ්‍යවකාශගත කළ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් රැස්කර ගන්නා ලද තොරතුරු නිරීක්ෂණයෙන් මෙම සොයාගැනීම සිදුකර තිබේ.
ආලෝක වර්ෂ 2,545ක් තරම් දුරක පිහිටි මෙම ග්‍රහ මණ්ඩලය සම්පූර්ණයෙන්ම අපේ සෞර ග්‍රහ මණ්ඩලයට සෑම අතින්ම සමානකමක් දක්වන බව තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



